‘ඩුබායි ජූඩ්’ගේ ගෝලයෙකු කෝටි 5ක හෙරොයින් සමඟ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘ඩුබායි ජූඩ්’ගේ ගෝලයෙකු රුපියල් කෝටි 5ක් වටිනා හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෝනහේන කඳවුරේ විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් ඊයේ කඳාන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු සතුව තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 1.5ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

කොටහේන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සැකකරු ඩුබායි ජූඩ් හි ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක ක්‍රියාකරුවෙකු බව විමර්ශනවලදී අනාවරණය වුණා.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?