AFC Banner
AFC Banner
Empty Ad

ඩුබායිවලදී ඇල්ලුවේ ‘හරක් කටා’ – මහජන ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි

කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ ඩුබායිහි දී අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ජාත්‍යන්තර පොලිසිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස ඩුබායි ගුවන් තොටුපලේ දී පසුගිය 11 වනදා මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු භාවිත කළ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් ලබාගත් තොරතුරු මතයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහුගේ මුහුණේ ඡායාරූපයක් යොදාගෙන මියගිය වෙනත් අයෙකුගේ ජීව දත්ත ඇතුළත් කරමින් අදාල ව්‍යාජ ගමන් බලපත්‍රය සකස්කර ඇති බවයි වාර්තා වුණේ.

‘හරක් කටා’ ඔහුගේ බිරිඳ බවට සඳහන් කාන්තාවක් සමඟ මැලේසියාව බලා යාමට උත්සාහ කිරීමේදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?