ඩුබායිවලදී ඇල්ලුවේ ‘හරක් කටා’ – මහජන ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි

කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ ඩුබායිහි දී අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ජාත්‍යන්තර පොලිසිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස ඩුබායි ගුවන් තොටුපලේ දී පසුගිය 11 වනදා මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු භාවිත කළ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් ලබාගත් තොරතුරු මතයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහුගේ මුහුණේ ඡායාරූපයක් යොදාගෙන මියගිය වෙනත් අයෙකුගේ ජීව දත්ත ඇතුළත් කරමින් අදාල ව්‍යාජ ගමන් බලපත්‍රය සකස්කර ඇති බවයි වාර්තා වුණේ.

‘හරක් කටා’ ඔහුගේ බිරිඳ බවට සඳහන් කාන්තාවක් සමඟ මැලේසියාව බලා යාමට උත්සාහ කිරීමේදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14