දෛනිකව ඩිසල් තොග පිරවුම්හල් වෙත නිකුත් කිරීම සීමා කර ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. එයට හේතුව ලෙස ඔහු පවසන්නේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිඳ වැටීම සමග විදුලි බලය උත්පාදනය සඳහා ඩිසල් ලබා දීමට සිදුව ඇති බැවින් මෙලෙස සිමා කිරිමට සිදු වූ බවයි.
දෛනිකව ඩිසල් මෙට්ට්‍රික් ටොන් 4000ක් නිකුත් කිරීම මේ වන විට මෙට්ට්‍රික් ටොන් 1000-1,500ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ
නැවත ඩිසල් නෞකාවක් ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට පැමිණෙන්නේ මැයි මාසයේ 11 වෙනිදා බැවින් ඩිසල් නිකුත් කිරීම සීමා කර ඇති බව ඔහු කියා සිටියේ ය. ඊයේ දිනයේදී පෙට්ට්‍රල් රැගත් නෞකාවක් ඉන්දියාවේ සිට ලැබුණු බවත්, එම පෙට්ට්‍රල් තොග ඉක්මනින් පිරවුම්හල් වෙත නිකුත් කිරීමට සිදුකිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා පැවසීය