ඩීසල් ලීටර් 03ක් සොරකම් කළ බව කියන ලංකා ගමනා ගමන මණ්ඩලයේ කුලියාපිටිය ඩිපෝවේ කම්කරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
කුලියාපිටිය පොලීසිය විසින් ඊයේ (27) දින මෙම කම්කරුවා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
කුලියාපිටිය ලංගම ඩිපෝවේ ආරක්ෂක අංශයේ නිලධාරියෙකු විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු කුලියාපිටිය මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.














ඔන්න ඕකයි කියන්නේ පොඩි පොඩි හොරකම් හොද නෑ කියල.බලහං මහ බැංකුව කඩපු එකා අදටත් අහු වුණාද 😂😂😂