ඩීසල් ලීටර් 03ක් සොරකම් කළ ලංගම ඩිපෝ කම්කරුවා අත්අඩංගුවට

ඩීසල් ලීටර් 03ක් සොරකම් කළ බව කියන ලංකා ගමනා ගමන මණ්ඩලයේ කුලියාපිටිය ඩිපෝවේ කම්කරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

කුලියාපිටිය පොලීසිය විසින් ඊයේ (27) දින මෙම කම්කරුවා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කුලියාපිටිය ලංගම ඩිපෝවේ ආරක්ෂක අංශයේ නිලධාරියෙකු විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !