ඩීසල් ලීටරයක් සඳහා රජය දරණ රුපියල් 100ට අමතරව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් රුපියල් 63ක මුදලක් දරාගන්නා බව එම සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසනවා.
සහාපතිවරයා අද (11) දහවල් පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මේ බව සඳහන් කළා.
“මේ හැම ලීටරයකටම රුපියල් 100ක් ආණ්ඩුව ගෙවනවා. ඊට අමතරව තෙල් සංස්ථාව තව රුපියල් 63ක් ගෙවනවා. මේ මිල ගත්තොතින් එක ප්‍රමාණයක් තෙල් සංස්ථාව දරා ගන්නනවා, එක ප්‍රමාණයක් ආණ්ඩුව දරාගන්නවා.”
එමෙන්ම පෙට්‍රල් ලීටරයක් සඳහා අද රුපියල් 20ක මුදලක් ආණ්ඩුව විසින් දරාගන්නා බවයි සභාපතිවරයා පැවසුවේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ සාම සාකච්ඡා සහ ලෝක වෙළඳපොළේ මිල සමඟ සලකා බැලීමෙන් අනතුරුව අවුරුදු නිවාඩුවෙන් අනතුරුව ඉන්ධන මිල පිළිබඳව තීරණයක් ගනු ලබන බවයි.













