ඩිජිටල් ගෙවීමේ ක්‍රමවේදයෙන් දූෂණය නමැති පිළිකාව තුරන් කළ හැකියි – අගවිනිසුරුවරිය

ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය හරහා ‘දූෂණය’ නමැති පිළිකාව සමාජයෙන් තුරන් කළ හැකි බව අගවිනිසුරු ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු මහත්මිය පවසනවා.

අගවිනිසුරුවරිය මේ බව සඳහන් කළේ, ශ්‍රේෂ්ඨාධිකරණය ‘GovPay’ ඩිජිටල් ගෙවීම් වේදිකාව සමඟ සම්බන්ධ කිරීම වෙනුවෙන් අද (15) පැවැති උත්සවයකදීයි.

ජාතික ජන බලවේග රජය යටතේ, රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීම සඳහා ‘GovPay’ පහසුකම පසුගියදා දියත් කෙරුණා.

ඒ, ප්‍රධාන රාජ්‍ය ආයතනය 16ක මහජන සේවා ලබාගැනීමේ දී අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් සිදු කිරීම අරඹමින්.

එම සේවාව www.govpay.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගැනීමට මහජනතාවට අවස්ථාව හිමි ව තිබෙනවා.

ඒ අනුව එහි තවත් අදියරක් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ දී අද සිදු කෙරුණේ අගවිනිසුරු ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

නීති වෘත්තිකයන්, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය හෙවත් ICTA ආයතනයේ සහ ලංකා පේ සමාගමේ නිලධාරින් පිරිසක් ද ඒ සඳහා සහභාගි වී සිටියා.

ඒ අනුව මෙතෙක් මුදල් මගින් ගෙවීම් සිදුකළ ශ්‍රේෂ්ඨාධිකරණ සේවා රැසකට මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් ගෙවීමට මෙමඟින් අවස්ථාව උදා වනවා.

නඩු ගොනු සඳහා ගාස්තු, සහතික කළ පිටපත් ගාස්තු, වාණිජ මහාධිකරණ අභියාචනා ගොනුකිරීමේ ගාස්තු, වන්දි, පැමිණිලි ගොනුකිරීමේ ගාස්තු සහ දිවුරුම් ප්‍රකාශ සඳහා සිදුකරන ගෙවීම් ඇතුළු ගෙවීම් කටයුතු රැසක් මෙමගින් මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට අවස්ථාව උදාවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22