ඩිජිටල් ආර්ථිකය අතික්‍රමණය කිරීමට අවශ්‍ය තාක්ෂණය මෙරට කර්මාන්ත තුළට හඳුන්වා දිය යුතු බව ජනපති කියයි

හතරවන හා පස්වන කාර්මික විප්ලවවල නව කර්මාන්ත තාක්ෂණය හා මුසුවූ ඩිජිටල් ආර්ථිකය අතික්‍රමණය කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණය මෙරට කර්මාන්ත තුළට හඳුන්වා දෙමින් රට තුළ කාර්මික අධ්‍යාපනික හා පුහුණු අවස්ථා වැඩිදියුණු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

2023 වසරේ අවසන් කාර්තුවේ මෙරට පැවැත්වීමට නියමිත “නව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය” පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (25) පස්වරුවේ පැවැත්වුණු අතර ඊට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

මෙරට විවිධ කර්මාන්ත මේ වන විට පවතින තාක්ෂණික මට්ටමේ සිට නව කාර්මික විප්ලවවල තාක්ෂණයෙන් අනුන වූ ඩිජිටල් ආර්ථිකය අතික්‍රමණය (accelerate) දක්වා ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබදව හඳුනා ගනිමින් වත්මන් අර්බුදය ජය ගැනීම සඳහා ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම උදෙසා තාක්ෂණය උපයෝගී කර ගැනීම මෙම ප්‍රදර්ශනය සංවිධානය කිරීමේ අරමුණයි.

එසේම නවීන තාක්ෂණයත් සමග මුසු වෙමින් ශ්‍රී ලංකාව අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම, සේවා සහ අපනයන අංශ වෙත සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට රජයට උපකාර කළ හැකි තත්ත්වයට පත් කිරීම, දේශීය කර්මාන්ත සඳහා උසස්ම ජාත්‍යන්තර භාවිතයන් ගෙන ඒම සහ කර්මාන්ත ප්‍රමුඛයන් සමඟ ජාලගත කිරීම මෙමගින් අපේක්ෂා කෙරෙනවා.

සයිබර් භෞතික පද්ධති (Cyber-Physical Systems), අන්තර්ජාල තොරතුරු (Internet of Things), අන්තර්ජාල සේවා (105), රොබෝ විද්‍යාව (Robotics), විශාල දත්ත (Big Data), ක්ලව්ඩ් පරිගණන සහ නිමවුම් (Cloud Computing & Manufacturing), වැඩිදියුණු කළ තථ්‍යතාව (Augmented Reality) කෘතිම බුද්ධිය (Artificial Intelligence) වැනි තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳ අවධානය යොමු කරමින් මෙම නව ඩිජිටල් ආර්ථිකය ළඟා කරගැනීම සදහා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට නවීන තාක්ෂණ මෙවලම් හඳුන්වා දීම ද මෙම ප්‍රදර්ශනය මගින් සිදු කෙරෙනවා.

විවිධ ක්‍ෂේත්‍ර ඔස්සේ ඩිජිටල් ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීම මඟින් දිවයින පුරා විවිධ සමාජ ස්ථරවලට අයත් ජන කොටස් වෙත ආර්ථික ප්‍රතිලාභ ලබාදීමත්, එමගින් සමාජය සවිබල ගැන්වීම පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා.

මෙම ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ සභාපතීත්වයෙන් මුදල්, විදේශ කටයුතු, කර්මාන්ත, අධ්‍යාපන, ප්‍රවාහන, වෙළඳ, කෘෂිකර්ම ඇතුළු රේඛීය අමත්‍යංශ 13 ක නියෝජිතයන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් මඟින් සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - රිලව් වගේ කෑගහුවාට බලය තියෙන්නේ පොඩි කාලයයි
21:09
Video thumbnail
අපිට විශ්වාසයි සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ඇති වෙනවා - මෙතන කිසිම ගැටුමක් නෑ
05:34
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:40
Video thumbnail
රනිල් රටේ ජනතාව නොමඟ යවනවා
03:06
Video thumbnail
දහස් ගණන් මිනිස්සු ගැවසෙන, පොලිසිය පේන දුරින් කාන්තාවක් ප්‍රසිද්ධියේම කුඩු ගස# හැටි..
00:36
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20