ඩාලි නැවේ ගෙන ඒමට ගිය අන්තරායකර ද්‍රව්‍ය ගැන සජිත් පරීක්ෂණයක් ඉල්ලයි (වීඩියෝ)

මධ්‍යම පරිසර අධිකාරියේ අවසරයකින් තොරව අන්තරායකර ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේ, පසුගියදා බෝල්ටිමෝර් පාලමේ ගැටු ඩාලි නෞකාවේ අඩංගු බහලුම් පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර නොමැති බවයි.