ඩ්‍රාවිඩ් ඉන්දීය පිළ හැරයයි – කොන්ත්‍රාත්තුව දීර්ඝ නොකිරීමේ තීරණයක්

එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ඉන්දීය ක්‍රිකට් පිළ ලැබූ පරාජයෙන් පසු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තවදුරටත් කටයුතු නොකිරීමට රාහුල් ඩ්‍රාවිඩ් තීරණය කර තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලිය අවසන් වූ පසු ඩ්‍රාවිඩ්ගේ වසර දෙකක කොන්ත්‍රාත්තුව ද අවසන් වූ අතර, එය යළිත් දීර්ඝ නොකිරීමට ඔහු තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එම තීරණය ඩ්‍රාවිඩ් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

රාහුල් ඩ්‍රාවිඩ් වෙනුවට වීවීඑස් ලක්ෂ්මන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ඔහු මේ වනවිට ඉන්දීය දෙවැනි පෙළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර, ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා ලක්ෂ්මන් සිය කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ දිගුකාලීන ගිවිසුමක් අත්සන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

කෙසේ වෙතත් වී.වී.එස්. ලක්ෂ්මන් මේ වනවිට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය තුළ ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු තනතුරේ කටයුතු කරනු ලබනවා.

මේ අතර රාහුල් ඩ්‍රාවිඩ් අයි.පී.එල් කණ්ඩායමක් සමඟ සාකච්ඡා කරමින් සිටින බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
10
+1
5
+1
2
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?