spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩලස් අලහප්පෙරුමගේ පාරට තවත් මන්ත්‍රීවරයෙක් එක්වෙයි

සියලු පක්ෂවල එකගතාවයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතුය යන්න තමාගේද ස්ථාවරය බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා.

ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු වත්මන් ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

මීට අදාළව පෙරේදා දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කල යෝජනා සඳහා තමාගේ සහය හිමිවන බවද චරිත හේරත් මහතා කියාසිටියා.

මාස 06 – 08 ත් අතර කාලයකට ජාතික භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම / ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දැනට ක්‍රියාත්මක සාකච්ඡා වේගවත් කිරීම / 21 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දැනට ලැබී ඇති යෝජනා ඇතුළත් ඒකාබද්ධ යෝජනාවලියක් සකස් කිරීම ඔහුගේ යෝජනා අතර වනවා.

මාස 03 ක් තුළ එය සම්මත කරගැනීමත් මාස 08 කට පමණ පසු මැතිවරණයක් පැවැත්වීමත් මහාචාර්ය චරිත හේරත් මහතාගේ යෝජනා අතරට අයත්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
58
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?