ඩයනා බ්‍රිතාන්‍යයට අයිති දැයි සොයා දෙන ලෙස චාල්ස් රජුගෙන් ඉල්ලයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරීන් පිරිසක් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

සමාජ ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ මහතා ඇතුළු පිරිසක් මෙම ලිපිය යොමු කර ඇති අතර, ඔවුහු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත අද (28) ගොස් එම ලිපිය භාරදුන්හ.

බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය හිමි ඇය ව්‍යාජ හැඳුනුම්පත් සහ ගුවන් ගමන් බලපත්‍ර ලබාගෙන ශ්‍රී ලාංකිකයෙකු ලෙස පෙනී සිටිමින් රජයේ තනතුරු දැරීම සහ මැතිවරණවලට පෙනී සිටීම මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද පටහැනි බැවින් ඇය ගැන පරීක්‍ෂණයක් පවත්වන ලෙස තම ලිපිය මගින් චාල්ස් රජතුමාගෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?