ඩයනාගේ හොර පාස්පෝට් නඩුවේ සාක්ෂි විභාගය ජුලි 31 ඇරඹෙයි

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැති ව රැඳී සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී ගොනු කරනු ලැබූ නඩුවේ සාක්ෂි විභාගය ලබන ජුලි 31 වැනිදා ආරම්භ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවල මහතා දින නියම කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ, මෙලෙස නඩු පවරා ඇත්තේ අංක 531/27, කන්ට්‍රිබෙල්ට් බංගලාව, අමරාගොඩ පාර, හෝකන්දර උතුර පදිංචි ඩයනා ගමගේ හෙවත් නයනා සමන්මලී හෙවත් ඩයනා නටාෂා කැකනදුර නමැත්තියට බවයි.

මෙම සැකකාරියට එරෙහිව ආගමන විගමන පනත ප්‍රකාරව චෝදනා 06ක් යටතේ නඩු 06ක් ගොනු කිරීමට නීතිපතිවරයා උපදෙස් ලබා දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද හේරත් මහතා අධිකරණයට දැනුම් දුන්නා.

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙම සිද්ධියට අදාළව ඇප මත සිටිමින් අද (24) අධිකරණය හමුවේ පෙනී සිටියා.

නඩුව ඊයේ (24) කැඳවනු ලැබු අවස්ථාවේ දී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රාජකාරී නිවාඩු ලබාගෙන තිබීම හේතුවෙන් අද ආරම්භ කිරීමට නියමිතව තිබු නඩු විභාගය ලබන ජුලි 31 වැනි දින සිදු කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා පැමිණිල්ලට දන්වා සිටියා.

වර්ෂ 2016ක් වූ ජූලි මස 14 වැනි දින හා වර්ෂ 2017ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලය තුළ දී ශ්‍රී ලංකාව තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව රැඳී සිටීම සැකකාරියට එරෙහි පළමු චෝදනාව ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

වර්ෂ 2017ක් වූ ජූලි මස 07 වැනි දින සහ වර්ෂ 2018ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලය තුළදී ද වර්ෂ 2018ක් වූ ජූලි මස 17 වැනි දින සහ වර්ෂ 2019ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලය තුළ දී ද වර්ෂ 2019ක් වූ ජූලි මස 17 වැනි දින හා වර්ෂ 2020ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලය තුළ දී ද වර්ෂක් වූ 2020 ජූලි මස 17 වැනි දින සිට සහ වර්ෂ 2020ක් වූ නොවැම්බර් මස පළමුවැනි දින අතර කාලය තුළ දී වලංගු වීසා බලපත්‍රයක් නැතිව මෙරට රැඳී සිටීම යන චෝදනා යටතේ නඩු 06ක් ලෙස චෝදනා නඟා තිබෙනවා.

සැකකාරියට එරෙහිව නඟා ඇති හය වැනි චෝදනාව වන්නේ වර්ෂ 2014ක් වූ ජනවාරි මස 20 වැනි දින හෝ ඊට ආසන්න දිනයක දී බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට අංක N5091386 දරන විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීමට අදාළ අයදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් ආගමන විගමන පනත යටතේ වරදක් සිදු කර ඇති බවටයි.

සැකකාරියගේ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර, එය අධිකරණ සේප්පුවේ තැබීමට මුල් අවස්ථාවේ දී නඩුව කැඳවනු ලැබූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අධිකරණ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළා.

ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම හා ආගමන විගමන පනත උල්ලංඝනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ චෝදනා 6කින් යුත් පැමිණිල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?