ඩග්ලස් දේවානන්දාට පැය 72ක රැඳවුම් නියෝග

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා පැය 72ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබෙනවා.

යුද හමුදාවෙන් 2001 වසරේදී  නීත්‍යානුකූලව ඔහුට නිකුත් කර තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, 2019 වර්ෂයේ දී වැලිවේරිය ප්‍රදේශයේ බෝක්කුවක් අසල කැලෑබද ස්ථානයක සඟවා තිබියදී සොයා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඔහුව ඊයේ (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.

හිටපු අමාත්‍යවරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ගිනි අවිය අස්ථානගත වූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට අපොහොසත් වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?