ටෙක්නිකල් හංදියේ දී කාන්තාවක් ඝාතනය කරලා – අපරාධකරු සොයා විමර්ශන

කෙසෙල්වත්ත පොලිස් වසමේ ටෙක්නිකල් හංදිය ප්‍රදේශයේ දී අද (07) අලුයම තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තියුණු ආයුධ ප්‍රහාරයට ලක් වූ අදාළ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ඝාතනයට ලක්වූ කාන්තාව 32 හැවිරිදි වියේ පසුවන අතර, ඇයගේ අස්ථිර පදිංචිය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය පැවසුවේ.

මෙම කාන්තාව සහ තවත් පුද්ගලයෙක් සමඟ ඇති වූ පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අපරාධය සිදුකළ පුද්ගලයා හඳුනාගෙන ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර කුච්චවේලි පොලිස් වසමේ කුඹුරුපිටිය ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් පසු තුවාල ලබා රෝහල් ගතකර සිටි පුද්ගලයෙක් ඊයේ (06) මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක කුඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම පුද්ගලයා සහ ඔහුගේ සහෝදරයා පසුගිය 05 වනදා දහවල් එකට මත්පැන් පානය කර ඇති අතර, එහිදී දෙදෙනා අතර ආරවුලක් ඇතිව තිබෙනවා.

එහිදී සහෝදරයා විසින් මොහුට පිහියකින් සහ උදැල්ලකින් පහර දී ඇති අතර, පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගතකර සිටිය දී මෙලෙස මියගොස් ඇති බව සඳහන්.

අපරාධය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?