පංති කාමරයේ ගුරුවරිය සිසුවියකට කල අමානුෂික වැඩක් මාට්ටු වෙයි

හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබන එකොළොස් හැවිරිදි (11) දියණියට, එම විදුහලේ බටහිර සංගීතය උගන්වන සෞන්දර්ය ගුරුවරිය අමානුෂික අන්දමින් (පංති කාමරයේ දී) පහරදීමේ පුවතක් වාර්තා වනවා.ඒ මහරගම ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයකයි.පාසල අවසන් වී නිවසට පැමිණි දියණිය දැඩි ලෙස රෝගාතුර වූයෙන් පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් මත කළුබෝවිල රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව සිදුවුණු තුවාලවලට සහ පහරදීමෙන් ඇතිවුණු මානසික පීඩාවට, එම රෝහලේ මානසික වෛද්‍යවරයා යටතේ උපදේශන සේවාව ලබාගන්නා අතර, ඇය දැනට මහරගම බණ්ඩාරනායක ආයුර්වේද රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවන්නීය.පසුගිය අට වැනිදා (8) පෙරවරුවේ, විදුහලේ පංති කාමරයේදී ටීචර්ගේ පහරකෑමට ලක්වුණු මෙම දැරිය, එම පහරේ වේදනාව දරාගෙන පංති කාමරයේ සිට ඇත. ඇයට ප්‍රතිකාර ලබාදීමට වගකිව යුතු කිසිවකු යොමු වී නැත. පාසල අවසන් වී මව සමග නිවසට පැමිණි මෙම දැරිය, තමුන්ට ටීචර් පහර දුන් බව ප්‍රකාශ කර තිබේ. ඒ තුවාල නිසා ඇතිවූ වේදනාවෙන් නිවසේ පසුවුණු අවස්ථාවේ, මව ඒ ගැන විමසූ විටය.

පහරදුන් අවස්ථාවේ, මෙම සිද්ධිය ඇස දුටු දියණියන් කිහිප දෙනකු මාධ්‍යයට පවසා සිටියේ මෙවැන්නකි.

“ටීචර්, එක දිගට පිට මැද්දට පහර දෙන කොට, මට බලාඉන්න බැරි හින්ද ඇස්දෙක පියාගත්තා.”, “ටීචර් පහරදෙන කොට මම හිතුවා මෙයා මැරේවි කියලා.”,

“ටීචර් දහයක් පහළොවක් විතර ගහන්න ඇති.” මෙම හිංසනය සිදුවුණු අවස්ථාවේ, පංතියේ සිටි සිසුවියන්ගේ ඇස දුටු සාක්‍ෂි කිසිවක්, මහරගම පොලිසියේ කාන්තා අංශයේ නිලධාරිනියන්, මේ දක්වා සටහන් කරගෙන නැතැයි මව කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23