Indian Premier League

ටිරාන් අලස්ව සැකකරුවෙක් ලෙස නම් කරයි – විදෙස්ගත වීමත් තහනම්

පුවත්පත් මුද්‍රණයට අවශ්‍ය වන කඩදාසි සහ බෝඩ් ගෙන්වාගෙන ඊට අදාළ රුපියල් මිලියන 290ක මුදලක් නොගෙවූ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහජන ආරක්ෂක ඇමති පෞද්ගලික පුවත්පත් සමාගමක සභාපති ටිරාන් අලස් මහතා සැකකරුවෙක් ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (29) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය හමුවේ දැනුම්දුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව කියා සිටි අතර සැකකාර හිටපු අමාත්‍යවරයාගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ඉල්ලා සිටි අතර ඊට අවසර ලැබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් මේ බව කියා සිටියා.

නඩුව කැඳවූ අවස්ථාවේ දි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඇප මත මුදා හැර ඇති එම සමාගමේ නිලධාරීන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැර විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග නිකුත් කර ඇති බවත් සඳහන්.

ටිරාන් අලස් මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් ගොනු කර ඇති පෙත්සම් ලබන මාර්තු මස කැඳවන බැවින් එතෙක් ඔහ අත්අඩංගුවට ගැනීමට නොහැකි බව දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට ප්‍රකාශ ලබාදීමට දැනුම් දී ඇති බවත් අසනීප බැවින් නොපැමිණි බවත් දන්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
7
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | නීතිිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:31:36
Video thumbnail
වෙනදා රම්පෙට පොරි හැලෙන්න දෙන සාදු අද සයිලන්ට්
03:48
Video thumbnail
ඩෑන් මියගිය තැන නවතම දර්ශන - CCTV දර්ශනත් මාධ්‍යට නිකුත් වෙයි
03:39
Video thumbnail
ගහක් කඩා වැටී වාහන 07ක් යටවෙයි
00:58
Video thumbnail
ඩෑන්ගේ මව ඩෑන් ඉදිරියේ හඬා වැටෙයි - මගේ රත්තරං..අම්මට බෑ පුතේ ඉන්න
00:45
Video thumbnail
ගහක් කඩා වැටී වාහන 07ක් යටවෙයි - බොරැල්ලම හෙල්ලුනු අනතුරේ දර්ශන
09:03
Video thumbnail
ඩෑන්ගේ මව ඩෑන් ඉදිරියේ හඬා වැටෙයි - මගේ රත්තරං..අම්මට බෑ පුතේ ඉන්න
05:29
Video thumbnail
ජනාධිපති අනුර කියන්නේ ත්‍රස්#වාදියෙක් - ගම්මන්පිල හෙළි කරයි
07:29
Video thumbnail
ඩෑන් තවමත් ජිවතුන් අතර - පොලිසිය නැවත කියයි
08:11
Video thumbnail
වැල්ලම්පිටියේ වෙ# තැබීමෙන් ඩෑන් මියයයි - සංස්කරණය නොකළ දර්ශන මෙන්න
05:18

?