ටින්මාළු ජාවාරමක් පන්නලදී වටලයි

කල් ඉකුත්වීමට ආසන්න ටින්මාළු තොගයක නිෂ්පාදන දිනය සහ මිල ගණන් වෙනස් කර වෙළඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් සමත්ව තිබෙනවා.

පන්නල, මූකලාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් තුළ පවත්වාගෙන ගිය මෙම ජාවාරම ඊයේ (20) පස්වරුවේ මෙලෙස වටලා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මෙලෙස කල් ඉකුත්වීමට ආසන්න රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ටින්මාඵ තොගයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

දැල්ලන් අපනයනය කරන කර්මාන්තශාලාවක මෙම ජාවාරම සූක්ෂම ලෙස පවත්වාගෙන ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පාරිභෝගික සේවා අධිකාරියේ භාරයට ගත් 17,000කට ආසන්න ටින්මාඵ තොගය ඇතුඵ නඩු භාණ්ඩ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?