ටින්මාළු ජාවාරමක් පන්නලදී වටලයි

කල් ඉකුත්වීමට ආසන්න ටින්මාළු තොගයක නිෂ්පාදන දිනය සහ මිල ගණන් වෙනස් කර වෙළඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් සමත්ව තිබෙනවා.

පන්නල, මූකලාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් තුළ පවත්වාගෙන ගිය මෙම ජාවාරම ඊයේ (20) පස්වරුවේ මෙලෙස වටලා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මෙලෙස කල් ඉකුත්වීමට ආසන්න රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ටින්මාඵ තොගයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

දැල්ලන් අපනයනය කරන කර්මාන්තශාලාවක මෙම ජාවාරම සූක්ෂම ලෙස පවත්වාගෙන ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පාරිභෝගික සේවා අධිකාරියේ භාරයට ගත් 17,000කට ආසන්න ටින්මාඵ තොගය ඇතුඵ නඩු භාණ්ඩ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29