ට්‍රම්ප්ගේ 2024 ජනපතිවරණ සිහිනය ශ්‍රේෂ්ඨාධිකරණය අතට ගනී

ඇමරිකානු හිටපු ජනාධිපතිවරයෙක් වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි ද යන්න තීරණය කිරීම සඳහා ඓතිහාසික නඩුවක් විභාග කරන බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, 2024 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් නුසුදුස්සෙකු බවට ප්‍රකාශ කරමින් කොලරාඩෝ ප්‍රාන්තය ගත් තීරණයට එරෙහිව ඔහු විසින් ගොනුකළ අභියාචනය විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමඟයි.

අභියාචනය එළඹෙන පෙබරවාරි මාසයේ දී විභාගයට ගැනීමට නියමිත අතර, ඉන් ලබාදෙන තීන්දුව රටපුරා බලපැවැත් වෙන බවයි ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරන්නේ.

ට්‍රම්ප් විසින් වසර තුනකට පෙර එක්සත් ජනපදයේ කැරැල්ලක නිරත වූ බවට තර්ක කරමින් ප්‍රාන්ත කිහිපයක් විසින් ඔහුව මීළඟ ජනාධිපතිවරණය සඳහා නුසුදුස්සෙකු කරමිත් මීට පෙර අධිකරණ තීරණ ලබාදෙනු ලැබුවා.

කෙසේ වෙතත් එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයෙන් “කැරැල්ලක හෝ කැරැල්ලක” යෙදී සිටින ඕනෑම කෙනෙකුට ෆෙඩරල් තනතුරු දැරීම තහනම් කර ඇතත් එය ජනාධිපතිවරයාට අදාළ නොවන බව ට්‍රම්ප්ගේ නීතීඥයෝ තර්ක කරනවා.

මෙම වසරේ නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු වන වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට එරෙහිව නැවත තරඟ කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා ලෙස මේ වනවිටත් ප්‍රවර්ධන කටයුතු අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29