ට්‍රම්ප්ගේ 2024 ජනපතිවරණ සිහිනය ශ්‍රේෂ්ඨාධිකරණය අතට ගනී

ඇමරිකානු හිටපු ජනාධිපතිවරයෙක් වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි ද යන්න තීරණය කිරීම සඳහා ඓතිහාසික නඩුවක් විභාග කරන බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, 2024 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් නුසුදුස්සෙකු බවට ප්‍රකාශ කරමින් කොලරාඩෝ ප්‍රාන්තය ගත් තීරණයට එරෙහිව ඔහු විසින් ගොනුකළ අභියාචනය විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමඟයි.

අභියාචනය එළඹෙන පෙබරවාරි මාසයේ දී විභාගයට ගැනීමට නියමිත අතර, ඉන් ලබාදෙන තීන්දුව රටපුරා බලපැවැත් වෙන බවයි ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරන්නේ.

ට්‍රම්ප් විසින් වසර තුනකට පෙර එක්සත් ජනපදයේ කැරැල්ලක නිරත වූ බවට තර්ක කරමින් ප්‍රාන්ත කිහිපයක් විසින් ඔහුව මීළඟ ජනාධිපතිවරණය සඳහා නුසුදුස්සෙකු කරමිත් මීට පෙර අධිකරණ තීරණ ලබාදෙනු ලැබුවා.

කෙසේ වෙතත් එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයෙන් “කැරැල්ලක හෝ කැරැල්ලක” යෙදී සිටින ඕනෑම කෙනෙකුට ෆෙඩරල් තනතුරු දැරීම තහනම් කර ඇතත් එය ජනාධිපතිවරයාට අදාළ නොවන බව ට්‍රම්ප්ගේ නීතීඥයෝ තර්ක කරනවා.

මෙම වසරේ නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු වන වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට එරෙහිව නැවත තරඟ කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා ලෙස මේ වනවිටත් ප්‍රවර්ධන කටයුතු අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21
Video thumbnail
මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවයි..විනාශය පෙන්නුවේ..විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා
06:30
Video thumbnail
ජනාධිපති රාමඤ්ඤ, අමරපුර මහා නාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගනී
01:33
Video thumbnail
නවගමුව, කොරතොට සලිත කළ වෙ# වරුසාවේ සුල මුල හෙළිවෙයි
01:17
Video thumbnail
කළුතර හෝටල් හිමියෙකුට අත්වූ බිහිසුණු ඉරණම..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වූ අයුරු
03:20
Video thumbnail
දැඩි STF ආරක්ෂාවක් මැද හෙරෝයින් තොගයක් විනාශ කිරීමට රැගෙන යන හැටි
01:43
Video thumbnail
බලන්නකෝ ළමයිනුත් හුරතල් කර කර යන නාමල්..නාමල්ව වටකරගෙන මිනිස්සු Selfie ග#න හැටි
02:59
Video thumbnail
බාල වයස්කාර දරුවන්ට දුම් කුඩු බෙදූ ජාවාරමක් පොලිසියෙන් වටලයි..
01:22
Video thumbnail
JVP එක වගේ පොලිසිය දැක්කම අපි දුවන්නේ නෑ..Pitch එකට අනුව තමයි Team එක Select කරන්නේ
04:50
Video thumbnail
"මේ කුණු මාළු මෙහෙ තියෙන්නේ.."SLS සහතිකය නොමැතිව කරගෙන ගිය ටින්මාළු නිෂ්පාදනය කරන තැනක් වටලපු හැටි..
13:44


?