ට්‍රම්ප් හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානයට පැය 48ක කාලයක් දෙයි

හෝමූස් සමුද්‍ර සන්ධිය පැය 48ක් තුළ විවෘත නොකළහොත් ඉරානයේ සියලු බලාගාර විනාශ කරන බව එක්සත් ජන්නපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඇමරිකානු ජනාධිපතිවරයා Truth Social හි සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇති අතර, එහිදී ඔහු අනතුරු අඟවා ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් එක්සත් ජනපදය ඉරානයේ බලාගාර “මකා දමන” බව පවසයි.

ඒ අනුව සිය සටහන තබන කාලයේ සිට පැය 48ක අනතුරු ඇඟවීමේ කාලය ආරම්භ වන බව ද එහි සඳහන්.

ට්‍රම්ප්ගේ මෙම තීරණය අනුව මාර්තු 23 වන දින GMT 23:44 දක්වා ඉරානයට සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට අවකාශය හිමිවනවා.

පෙබරවාරි 28 වන දින ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය රටට පහර දුන් දා සිට ඉරානය විසින් ලෝකයේ කාර්යබහුලම තෙල් නැව් මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15