ට්‍රම්ප්ගේ පරිපාලනයෙන් සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට ක්‍රීඩාව තහනම් කරයි

අමෙරිකාව තුළ සිටින කිසිදු සංක්‍රාන්තික ලිංගික කාන්තාවකට ‘කාන්තා ක්‍රීඩා’ සඳහා එක් කිරීමේ අවස්ථාව තහනම් කරමින් විශේෂ විධායක නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අල් ජසීරා මාධ්‍ය වාර්තා කර ඇත්තේ ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසුව සිදු කළ සිව්වැනි විධායක නියෝගය මෙය වන බවයි.

LGBTQ අයිතිවාසිකම්වලට ඇහුම්කන් නොදෙන ජනාධිපතිවරයෙකු ලෙසයි ට්‍රම්ප් ජනාධිපතිවරයාව එරට වැසියන් හඳුන්වන්නේ.

ඒ අනුව මින් ඉදිරියට කිසිදු සංක්‍රාන්තික කාන්තාවකට, ගැහැනු දරුවෙකුට ක්‍රීඩා කිරීමේ අයිතිය අහෝසි වනු ඇති.

මෙම නියෝගය අද (06) අත්සන් කර ඇති අතර ඊට ගැහැනු ළමුන් සහ කාන්තාවන් විශාල පිරිසක් ද එක් ව සිටියා.

ට්‍රම්ප් සඳහන් කරන්නේ සිය රට තුළ සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ගේ ක්‍රීඩා අවශ්‍යතා සඳහා ෆෙඩරල් රජයේ අරමුදල් කිසිසේත්ම හිමිනොවන බවයි.

අගෝස්තු මාසයේ පැරිස් ඔලිම්පික් උලෙළේ දී ලිංගභේදය පිළිබඳ ව දැඩි පරීක්ෂාවකට ලක් වූ ඇල්ජීරියානු කාන්තා බොක්සිං ක්‍රීඩිකාව ඉමාන් කෙලිෆ් සම්බන්ධයෙන් ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් දක්වා තිබුණා.

එහිදී ඔහු “පිරිමින් ගැහැණු ළමයින් යැයි කියා ගැනීම” සහ “ජයග්‍රහණ සොරකම් කිරීම” යන කරුණු සම්බන්ධයෙන් ද කරුණු දැක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම විධායක නියෝගය හා සම්බන්ධව කටයුතු කරන ධවල මන්දිර නිලධාරීන් පවසා ඇත්තේ මෙම නියෝගයේ අරමුණ කාන්තාවන්, ආරක්ෂිතව සහ සාධාරණ මලල ක්‍රීඩා අවස්ථා සඳහා ප්‍රවේශ වීම සුරැකීම බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?