ට්‍රම්ප්ගේ පරිපාලනයෙන් සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට ක්‍රීඩාව තහනම් කරයි

අමෙරිකාව තුළ සිටින කිසිදු සංක්‍රාන්තික ලිංගික කාන්තාවකට ‘කාන්තා ක්‍රීඩා’ සඳහා එක් කිරීමේ අවස්ථාව තහනම් කරමින් විශේෂ විධායක නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අල් ජසීරා මාධ්‍ය වාර්තා කර ඇත්තේ ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසුව සිදු කළ සිව්වැනි විධායක නියෝගය මෙය වන බවයි.

LGBTQ අයිතිවාසිකම්වලට ඇහුම්කන් නොදෙන ජනාධිපතිවරයෙකු ලෙසයි ට්‍රම්ප් ජනාධිපතිවරයාව එරට වැසියන් හඳුන්වන්නේ.

ඒ අනුව මින් ඉදිරියට කිසිදු සංක්‍රාන්තික කාන්තාවකට, ගැහැනු දරුවෙකුට ක්‍රීඩා කිරීමේ අයිතිය අහෝසි වනු ඇති.

මෙම නියෝගය අද (06) අත්සන් කර ඇති අතර ඊට ගැහැනු ළමුන් සහ කාන්තාවන් විශාල පිරිසක් ද එක් ව සිටියා.

ට්‍රම්ප් සඳහන් කරන්නේ සිය රට තුළ සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ගේ ක්‍රීඩා අවශ්‍යතා සඳහා ෆෙඩරල් රජයේ අරමුදල් කිසිසේත්ම හිමිනොවන බවයි.

අගෝස්තු මාසයේ පැරිස් ඔලිම්පික් උලෙළේ දී ලිංගභේදය පිළිබඳ ව දැඩි පරීක්ෂාවකට ලක් වූ ඇල්ජීරියානු කාන්තා බොක්සිං ක්‍රීඩිකාව ඉමාන් කෙලිෆ් සම්බන්ධයෙන් ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් දක්වා තිබුණා.

එහිදී ඔහු “පිරිමින් ගැහැණු ළමයින් යැයි කියා ගැනීම” සහ “ජයග්‍රහණ සොරකම් කිරීම” යන කරුණු සම්බන්ධයෙන් ද කරුණු දැක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම විධායක නියෝගය හා සම්බන්ධව කටයුතු කරන ධවල මන්දිර නිලධාරීන් පවසා ඇත්තේ මෙම නියෝගයේ අරමුණ කාන්තාවන්, ආරක්ෂිතව සහ සාධාරණ මලල ක්‍රීඩා අවස්ථා සඳහා ප්‍රවේශ වීම සුරැකීම බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39