ට්‍රම්ප්ගේ ඝර්ජනාවලට කලබල නොවුණු පුටින් යුක්‍රේනයේ තවත් කොටසකට මාන බලයි

අමෙරිකාව හා රුසියාව අතර දිනෙන් දින ඇති වන සීතල යුද්ධය හේතුවෙන් මෑත කාලීන ව ට්‍රම්ප්ගේ බලාධිපත්‍යය හමුවේ රුසියාවට විවිධ අවස්ථාවල තාඩන පීඩන එල්ල වුණා.

නමුත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ට්‍රම්ප් කෙලෙස ඝර්ජනා හා තර්ජන සිදු කළ ද රුසියානු ජනාධිපති ව්ලොඩ්මීර් පුටින් කිසිදු ලෙසකින් කලබලයට පත් ව ක්‍රියා නොකරන බවයි.

රුසියාවට අමෙරිකාව විසින් දැඩි සම්බාධක පනවමින් තිබෙන පසුබිමක පුටින් බටහිර රටවල් සාමය ස්ථාපිත කරලීමට තම කොන්දේසිවලට අනුගත වන තෙක් ඔහු විසින් දිගින් දිගට ම යුක්‍රේනයට එරෙහිව සටන් ක්‍රියාත්මක කරනු ලබන බවයි වාර්තා වන්නේ.

රුසියානු හමුදා ඉදිරියට යන විට ඔහුගේ භෞමික ඉල්ලීම් පුළුල් විය හැකි බව ක්‍රෙම්ලිනයට සමීප ආරංචි මාර්ග තුනක් පවසා තිබෙන බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

රුසියානු පිටුබලය ලබන බෙදුම්වාදීන් සහ යුක්රේන හමුදා අතර රටේ නැගෙනහිර ප්‍රදේශයේ වසර අටක සටනකින් පසු 2022 පෙබරවාරි මාසයේදී රුසියානු හමුදා යුක්රේනයට ඇතුල් කිරීමට නියෝග කළ පුටින්, රුසියාවේ ආර්ථිකය සහ එහි හමුදාව ඕනෑම අමතර බටහිර පියවරයන්ට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් බව විශ්වාස කරන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ට්‍රම්ප් රුසියාවට දැනුම්දී ඇත්තේ දින 50ක් තුළ සිය නියෝගයන්ට අවනත නොවුණහොත් දැඩි සම්බාධක තවදුරටත් පනවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34