ටයිටැනික් නැව නැරඹීමට ගොස් අතුරුදන් වූ සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම තීරණාත්මක අදියරක

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන්ව ඇති සබ්මැරීනයේ සිටින පිරිසට ඔක්සිජන් ඉතිරිව ඇත්තේ තවත් පැයක පමණ කාලයක් සඳහා බව බලධාරීන් පවසනවා.

Titan submersible හි ආරම්භක සැපයුමේ ඇස්තමේන්තු මත පදනම්ව මෙම කරුණු අනාවරණ කර ඇති අතර එහි දැක්වෙන්නේ අතුරුදහන් වූ කාර්ය මණ්ඩලයට ඔක්සිජන් ඉතිරිව ඇත්තේ පැයක් පමණ කාලයක් දක්වා පමණක් බවයි.

සෙවීම් කටයුතු පුළුල් වෙමින් පවතින අතර ගුවන් යානා සහ නැව් මෙන්ම දුරස්ථව ක්‍රියාත්මක වන විශේෂ සෙවුම් උපකරණ මගින් වර්ග සැතපුම් 10,000ක් පමණ සාගරයේ නිරීක්ෂණ සිදු කරමින් පවතිනවා.

සෝදිසි කිරීමේ මෙහෙයුම් අතර තවත් ශබ්ද ඇසුණු නමුත් ඒවා මොනවාද යන්න තවමත් අපැහැදිළි බවයි එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පවසන්නේ.

එක්සත් ජනපදය පදනම් කරගත් OceanGate Expeditions විසින් මෙහෙයවනු ලබන කුඩා ප්‍රමාණයේ Titan සබ්මැරීනය ඉරිදා පෙරවරු 8 ට පමණ ටයිටැනික් නෞකාව වෙත ගමන් ආරම්භ කරනු ලැබුවා.

උතුරු අත්ලාන්තික් සාගරයේ නැව සුන්බුන් වූ ස්ථානයට යාමට පෙර එය ආධාරක නෞකාව සමඟ සම්බන්ධතා විසන්ධි වී ගිය බවයි වාර්තා වන්නේ.

සබ්මැරීනයේ හිමිකාරිත්වය දරණ සමාගමට අනුව Titan පැය 96ක කාලයක් සඳහා ප්‍රමාණවත් ඔක්සිජන් වාතය සමඟ පිටත් ගොස් තිබෙනවා.

ඉන් අදහස් වන්නේ බ්‍රහස්පතින්දා උදෑසන වන විට එහි ඔක්සිජන් ටැංකි ක්ෂය වනු ඇති බවයි.

වාතය කොපමණ කාලයක් පවතිනු ඇත්ද, සබ්මරිනයට තවමත් බලය තිබේද යන්න සහ එහි සිටින අය කෙතරම් සන්සුන්ව සිටියේද යන්න වැනි විවිධ සාධක මත ඔවුන්ගේ තත්වය රඳා පවතින බව විශේෂඥයන් පෙන්වා දෙනවා.

කැනඩාවේ නැඟෙනහිර වෙරළට ඔබ්බෙන් බ්‍රිතාන්‍ය සුඛෝපභෝගී නෞකාවක් වන Titanic 1912 දී සිය මංගල ගමනේදී අයිස් කන්දක ගැටී ගිලී ගිය අතර, මිනිසුන් 1,500 කට වැඩි පිරිසක් මිය ගියා.

නෞකාවේ සුන්බුන් මුහුදු පත්ලේ අඩි 12,500 (මීටර් 3,810) පමණ ගැඹුරකින්, පිහිටා තිබෙනවා.

Titan සබ්මැරීනය එහි නියමුවා සහ තවත් හතර දෙනෙකු රැගෙන ගැඹුරු මුහුදේ විනෝද චාරිකාවක් සඳහා නැව් සුන්බුන් වෙත ගමන් කරමින් සිටි අතර, ඒ සඳහා OceanGate එක් අයෙකුගෙන් ඩොලර් 250,000ක් අය කරනු ලබනවා.

මගීන් අතර බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපතියෙකු වන 58 හැවිරිදි හමිෂ් හාර්ඩින් සහ පකිස්ථානයේ උපත ලද ව්‍යාපාරික ෂාසාදා ඩාවුඩ්, 48, ඔහුගේ 19 හැවිරිදි පුත් සුලේමාන් ද වනවා.

ප්‍රංශ සාගර විද්‍යාඥ සහ ප්‍රමුඛ ටයිටැනික් විශේෂඥයෙකු වන 77 හැවිරිදි Paul-Henri Nargeolet සහ OceanGate හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක Stockton Rush ද එහි ගමන් කර තිබුණා.

මෙම සබ්මැරීනය නැවත මතුපිටට පැමිණීමට සමත් වූයේ නම්, විශාල විවෘත මුහුදේ හඳුනා ගැනීම ද දුෂ්කර වනු ඇති අතර, එය පිටතින් වසා ඇති බැවින් ඇතුළත සිටින කිසිවෙකුට පිටත සිටින අයෙකුගේ සහය නොමැතිව පිටවීමද හැකියාවක් ලැබෙන්නේ නැහැ.

  1. UGE AMMAGE SUBMARINE EKAK E YAKO. ATHULEN ARINNA BAHE, ELIYEN WITHARAYI ARINNA HAKI. EKA IMAK KONAK NOPENENA MAHA SAGARAYAKA MATHUPITATATA AWATH UNTA JEEWATH WENNA WARAM NAHANE. EYITH OXYGEN IWARAWENAWA HIRU ELIYA SANDHA ELIYA PENI PENEEMA. MEHEMA EWA HADANNA DUNE EYI. UNTA EMEREGENCY EXIT EKAK THIYENNAMA ONA NEDHA. EHEMA EKAK NAHE DESIGN EKE. MEYALA KM3.75 NOWEYI KM 1 KADHI UNATH ERAGENA ALIYATA ENNA BAHE, ADHIKA PEEDANAYATA MARENAWA. KOHOMA HARI UADATA AWATH EKA PARATA ELIYATA ENNA BAHE, ATHULATHA PEEDANA WADI NISA EKAATA ANGA HURUWELA NISA. EKA NOTHAKA AWITH KSHANIKAWAMA MARENNA HAKIYI PITHATA PEEDANAYA ADU NISA. EHEMA GIYA AA PITATHTA GANNA VISHESHA KRAMAYAK THIYENAWA. MAMA MEKA DAKKE FENCH EXPLORER KENEK UNA JAQUES COSTAU GE TV SERIE EKAKA.