ටයිටන්ස් පරදා ලකුණු 11ක විශිෂ්ට ජයක් පන්ජාබ්වරුන්ට

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය යටතේ ඊයේ (25) රාත්‍රියේ අහමදාබාද් හි දී පැවැත්වුණු තරගයේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 11ක පරාජය කර ජයගන්නට පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ටයිටන්ස් නායක ශුබ්මන් ගිල් පළමු ව පන්දුවට පහරදීමට සිය ප්‍රතිවාදීන්ට ඇරයුම් කළා.

එහි ප්‍රතිඵලයක් ලෙස පන්ජාබ්වරුන් කඩුලු 05ක් දැවී නියමිත පන්දුවාර 20 අවසානයේ දී ලකුණු 243ක් ලබා ගත්තා.

විශිෂ්ට ඉනිමක් නොදැවී ක්‍රීඩා කළ නායක ශ්‍රියාර්ස් අයියර් පන්දු 42කදී ලකුණු 97ක් රැස් කළා.

ශශන්ක් සින්ග් පන්දු 16ක දී ලකුණු 44යි.

ප්‍රියාන්ශ් ආර්‍යා ලකුණු 47ක් රැස් කරගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී සායි කිෂෝරේ කඩුලු 03ක් සහ එක් කඩුල්ල බැගින් රෂීඩ් ඛාන් හා කගිසෝ රබාඩා විසින් බිඳ හෙලනු ලැබුවා.

ජයග්‍රහණයට ලකුණු 244ක ඉලක්කයක් හඹා ගිය ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලබාගත්තේ ලකුණු 232ක් පමණයි.

සායි සුදර්ශන් ලකුණු 74ක් රැස් කළා.

ජොස් බට්ලර් ලකුණු 54ක් සහ රදර්ෆර්ඩ් ලකුණු 46ක් ලබා ගත්තා.

අර්ෂදීප් සින්ග් කඩුලු 02ක් සහ එක් කඩුල්ල බැගින් ග්ලේන් මැක්ස්වෙල්, මාර්කෝ ජැන්සන් බිඳ හෙලුවා.

තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ නොදැවුණු ලකුණු 97කට හිමිකම් කියූ නායක ශ්‍රියාර්ස් අයියර්.

ඉන්දීය ප්‍රීමියර් ලීගයේ සයවැනි තරගය අද (26) රාත්‍රී 07.30ට ගුවහාටි හි දී රාජස්ථාන රෝයල්ස්ට එරෙහිව කොල්කටා නයිට් රයිඩර්ස් අතර පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්, මහින්ද ඇතුළු ප්‍රබලයෝ රැසක් සමන්තභද්‍ර හිමිට සුභ පතන්න එයි
04:09
Video thumbnail
උසස්වීම් ඉල්ලා රේගු නිලධාරීන් කළු පටි බැඳගෙන සේවයට එයි
06:35
Video thumbnail
ගෑස් හිඟය ගැන ඇමති නලින්ද කට අරී
01:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
ගල් අඟුරු සිද්ධිය නිසා නලින්ද සැර වෙයි..අතිතයෙත් මෙවැනි සිදුවීම් වෙලා ඇති..පරීක්ෂාවක් කරලා නෑ
15:40
Video thumbnail
බලශක්ති ඇමතිතුමාව අස්කරනවා ද..?
08:31
Video thumbnail
ප්‍රභාගේ ගේ හදන්න සල්ලි දෙනවා, මේ මිනිස්සුන්ට වතුර දෙන්නේ නෑ
05:07
Video thumbnail
මෝටර් ග්‍රේඩර් 75ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
01:33
Video thumbnail
යකා අවුස්සගන්නේ නැතුව තමුසේ එළියට යනවකෝ
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47


?