AFC Banner
Empty Ad
Empty Ad

ඥානසාර හිමියන් ඇතුළු වගඋත්තර කරුවන් තිදෙනකුට නියෝගයක්

කාන්තාවකට හිමිකාරිත්වය තිබිය දී බලහත්කාරයෙන් අත්පත් කරගත් බව කියන බම්බලපිටිය ෆැල්කන් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පිහිටි රුපියල් කෝටි 10 ට අධික වටිනාකමින් යුත් නිවසක් වහාම එම කාන්තාවට භාර දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු වගඋත්තර කරුවන් තිදෙනකුට නියෝග කර තිබෙනවා.

එම නියෝගය කඩ කළහොත් අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව දැඩි දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවද මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකරුවන් තිදෙනාට දැනුම් දී තිබුණා.

පෙත්සම්කාර කාන්තාව සිය නීතිඥවරිය මගින් අධිකරණය හමුවේ දැක් වූ කරුණු අනුව ඇය එම නිවස භුක්ති විඳ ඇති බව පැහැදිලි වන බවත් වග උත්තරකරුවන් බලහත්කාරයෙන් පෙත්සම්කාරියට එම දේපළ භුක්ති විදීම අහිමිකර ඇති බවට කරුණු තහවුරු වන බවද මහේස්ත්‍රාත්වරයා අධිකරණය හමුවේ පවසා තිබෙනවා.

එම නිසා එම දේපළෙහි සාමකාමී නිරවුල් භුක්තිය පෙත්සම්කාරියට හිමි විය යුතු බවද සිය තීන්දුව ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පෙන්වා දී තිබුණා.

ගලගොඩ අත්තේ ඥානසාර හිමි, උන්වහන්සේගේ ගෝල හිමිනමක් වන දයාසීග හිමියන්ට හා එම නිවසේ මුරකරු වශයෙන් කටයුතු කළ බව කියන සිල්වෙස්ටර් නැමැති තිදෙනෙක් මෙම සිද්ධියේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ 4 පදිංචි ඉනෝකා චන්දිමා සේනානායක නැමැති කාන්තාවක් ජ්‍යෙෂ්ඨ නීතිඥ නිල නොලත් මහේස්ත්‍රාත් සන්ධ්‍යා තල්දූව මහත්මිය මගින් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෞද්ගලික නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළා.

බම්බලපිටිය ෆැල්කන් රෙසිඩන්ස් නැමැති එම සංකීර්ණයේ පිහිටි එම සුඛෝපභෝගී නිවස තම පියාගේ සහෝදරියට අයත් එකක් බවත් 2023 වසරේ මැයි 18 වෙනි දින එය තමා භාරයට පත් කළ ඇය විදේශගත වූ බවද ඒ අනුව එදින සිට නිවස නඩත්තු කරමින් රැක බලා ගනිමින් තමන් බුක්ති විදිමින් සිටි බවද පැමිණිලිකාරිය සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබුණා.

එම නිවස නඩත්තු කරමින් හා රැකබලා ගනිමින් සිටින විට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුලු පිරිසක් නිවස පිහිටි ස්ථානයට පැමිණ තමන්ට හා තම දියණියට එම නිවසට ඇතුල්වීමට ඉඩනොදී බාධා කරමින් කලහාකාරි ලෙස හැසුරුණු බවද ඇය ගොනු කර තිබෙන පැමිණිල්ලේ සඳහන්.

එම සිදුවීමෙන් දින කිහිපයකට පසු සැකකාර ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් තමන්ට දුරකථන ඇමතුමක් ලබා දෙමින් නිවසින් ඉවත් වන ලෙසට බලපෑම් කළ බවද ඒ අනුව තමා ඒ පිළිබඳව බම්බලපිටිය පොලීසියට පැමිණිල්ලක් කර නිවස වෙත ගිය විට එහි ආරක්ෂාවට යොදවා සිටි නිලධාරියා නිවස වෙත ඇතුල් නොවන ලෙස තමාට තර්ජනය කළ බවද ඇය එම පැමිණිල්ල මගින් පෙන්වාදී තිබුණි.

තමන්ට එල්ලවී තිබෙන මරණීය තර්ජන හේතුවෙන් තමන් හා තම දියණිය එම නිවාස සංකීර්ණයෙන් ඉවත්ව ඒකල ප්‍රදේශට පැමිණ තාවකාලිකව පදිංචිව සිටින බවද මේ සම්බන්ධයෙන් තමාට නීතියේ පිළිසරණ ලබාදෙන ලෙසද පැමිණිලිකාරිය සිය නීතිඥවරිය මගින් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?