ඥානසාර හිමියන් ඇතුළු වගඋත්තර කරුවන් තිදෙනකුට නියෝගයක්

කාන්තාවකට හිමිකාරිත්වය තිබිය දී බලහත්කාරයෙන් අත්පත් කරගත් බව කියන බම්බලපිටිය ෆැල්කන් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පිහිටි රුපියල් කෝටි 10 ට අධික වටිනාකමින් යුත් නිවසක් වහාම එම කාන්තාවට භාර දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු වගඋත්තර කරුවන් තිදෙනකුට නියෝග කර තිබෙනවා.

එම නියෝගය කඩ කළහොත් අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව දැඩි දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවද මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකරුවන් තිදෙනාට දැනුම් දී තිබුණා.

පෙත්සම්කාර කාන්තාව සිය නීතිඥවරිය මගින් අධිකරණය හමුවේ දැක් වූ කරුණු අනුව ඇය එම නිවස භුක්ති විඳ ඇති බව පැහැදිලි වන බවත් වග උත්තරකරුවන් බලහත්කාරයෙන් පෙත්සම්කාරියට එම දේපළ භුක්ති විදීම අහිමිකර ඇති බවට කරුණු තහවුරු වන බවද මහේස්ත්‍රාත්වරයා අධිකරණය හමුවේ පවසා තිබෙනවා.

එම නිසා එම දේපළෙහි සාමකාමී නිරවුල් භුක්තිය පෙත්සම්කාරියට හිමි විය යුතු බවද සිය තීන්දුව ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පෙන්වා දී තිබුණා.

ගලගොඩ අත්තේ ඥානසාර හිමි, උන්වහන්සේගේ ගෝල හිමිනමක් වන දයාසීග හිමියන්ට හා එම නිවසේ මුරකරු වශයෙන් කටයුතු කළ බව කියන සිල්වෙස්ටර් නැමැති තිදෙනෙක් මෙම සිද්ධියේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ 4 පදිංචි ඉනෝකා චන්දිමා සේනානායක නැමැති කාන්තාවක් ජ්‍යෙෂ්ඨ නීතිඥ නිල නොලත් මහේස්ත්‍රාත් සන්ධ්‍යා තල්දූව මහත්මිය මගින් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෞද්ගලික නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළා.

බම්බලපිටිය ෆැල්කන් රෙසිඩන්ස් නැමැති එම සංකීර්ණයේ පිහිටි එම සුඛෝපභෝගී නිවස තම පියාගේ සහෝදරියට අයත් එකක් බවත් 2023 වසරේ මැයි 18 වෙනි දින එය තමා භාරයට පත් කළ ඇය විදේශගත වූ බවද ඒ අනුව එදින සිට නිවස නඩත්තු කරමින් රැක බලා ගනිමින් තමන් බුක්ති විදිමින් සිටි බවද පැමිණිලිකාරිය සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබුණා.

එම නිවස නඩත්තු කරමින් හා රැකබලා ගනිමින් සිටින විට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුලු පිරිසක් නිවස පිහිටි ස්ථානයට පැමිණ තමන්ට හා තම දියණියට එම නිවසට ඇතුල්වීමට ඉඩනොදී බාධා කරමින් කලහාකාරි ලෙස හැසුරුණු බවද ඇය ගොනු කර තිබෙන පැමිණිල්ලේ සඳහන්.

එම සිදුවීමෙන් දින කිහිපයකට පසු සැකකාර ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් තමන්ට දුරකථන ඇමතුමක් ලබා දෙමින් නිවසින් ඉවත් වන ලෙසට බලපෑම් කළ බවද ඒ අනුව තමා ඒ පිළිබඳව බම්බලපිටිය පොලීසියට පැමිණිල්ලක් කර නිවස වෙත ගිය විට එහි ආරක්ෂාවට යොදවා සිටි නිලධාරියා නිවස වෙත ඇතුල් නොවන ලෙස තමාට තර්ජනය කළ බවද ඇය එම පැමිණිල්ල මගින් පෙන්වාදී තිබුණි.

තමන්ට එල්ලවී තිබෙන මරණීය තර්ජන හේතුවෙන් තමන් හා තම දියණිය එම නිවාස සංකීර්ණයෙන් ඉවත්ව ඒකල ප්‍රදේශට පැමිණ තාවකාලිකව පදිංචිව සිටින බවද මේ සම්බන්ධයෙන් තමාට නීතියේ පිළිසරණ ලබාදෙන ලෙසද පැමිණිලිකාරිය සිය නීතිඥවරිය මගින් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32