ඥානසාර හිමියන්ට සමාව දීමට එරෙහි පෙත්සම් විභාගයට අවසර

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දී තිබෙනවා.

එමෙන්ම ඥානසාර හිමිට පොදු සමාව ප්‍රදානය කිරීමට අදාළ ලිපි ගොනුව අද සිට සති හයක් තුළ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති ලේකම්වරයාට නියෝග කළා.

එස්. තුරෛයිරාජා, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර 06 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වී සිටි ගලගොඩාත්තේ ඥානසාරට සමාව ප්‍රදානය කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කාර සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හස්තික දේවේන්ද්‍ර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඥානසාර හිමියන් වරදකරු කරමින් අභියාචනාධිකරණය විසින් ලබා දුන් සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද ස්ථිර කර තිබූ බවයි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ජනමාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් සිරගත කර තිබෙන ඥානසාර හිමියන්ට පොදු සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හැකියාව තිබෙන බව සඳහන් කර තිබුණේ යැයි ද නීතිඥවරයා පැවසුවා.

පසුව මේ පිළිබඳව තම සේවාදායකයිකාව එවක අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල සහ නීතිපතිවරයාගෙන් විමසීම් සිදු කරමින් ලිපි යොමු කළ බවත් නීතිඥවරයා පැවසුවා.

ඥානසාර හිමියන්ට සමාව ලබාදීමේ ක්‍රියාවලිය පිලිබඳව තමා කිසිවක් නොදන්නා බව තලතා අතුකෝරල අමාත්‍යවරිය පෙත්සම්කාරියට දන්වා තිබූ බව සඳහන් කළ නීතිඥවරයා කියාසිටියේ මේ ප්‍රකාශය තුළින් ඥානසාර හිමියන්ට සමාව දීමේ ක්‍රියාවලියේදී නිසි නීතිමය පියවර අනුගමනය කර නොමැති බව පෙනී යන බවයි.

මෙහිදී ගලගොඩ අත්තේ ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිශ්‍ය වේරගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ හිමිවරු විසින් ද තම සේවාදායකයක හිමියන්ට සමාව ප්‍රදානය කරන ලෙස ඉල්ලීම් කර තිබූ බවයි.

වරදකරුවන්ට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයාට අභිමතානුසාරී බලයක් තිබෙන බවත් මෙම සිද්ධියේ දී එම බලය ජනාධිපතිවරයා විසින් නිසියාකාරව ක්‍රියාවේ යොදවා තිබෙන බවත් නීතිඥවරයා පැවසූවා.

එම අවස්ථාවේදී එස්.තුරෛරාජා සහ යසන්ත කෝදාගොඩ යන විනිසුරුවරු ප්‍රශ්නයක් මතු කරමින් ජනාධිපතිවරයා සතු පොදු සමාව ප්‍රදානය කිරීමේ බලය අධිකරණය විසින් පරික්ෂාවට ලක් කළ නොහැකි ද යන්නයි.

ඊට පිළිතුරු දුන් නීතිඥවරයා කියා සිටියේ ඒ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමට අධිකරණයට හැකියාව තිබෙන බවයි.

මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය ප්‍රකාරව අධිකරනය මගින් වරදකරුවන් වන අයට සමාව ප්‍රදානය කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින පුද්ගලයෙකු නිදහස් කිරීමට පෙර ජනාධිපතිවරයා විසින් අග විනිසුරුවරයාගේ මතය විමසීමක් සිදු කර නොමැති බව පෙත්සම්කාර පාර්ශවය ප්‍රකාශ කර තිබෙන අතර එය සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියට අදාල නොවන කටයුත්තක් බවත් ඔහු කියා සිටියා.

ඥානසාර හිමියන්ට සමාව ප්‍රදානය කරන ලෙස එවක බුද්ධ සාසන අමාත්‍යවරයා විසින් ඉල්ලීමක් කර තිබූ අතර ඒ අනුව අදාළ සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ.

මෙහිදී විනිසුරු තුරෛයිරාජා මහතා ප්‍රශ්නයක් මතු කරමින් සමාව ප්‍රදානය කිරීම සඳහා ඥානසාර හිමියන් තෝරාගත්තේ කුමන පදනමකින් දැයි විමසා සිටියා.

ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥවරයා වග උත්තරකාර හිමියන්ට සමාව ප්‍රදානය කරන ලෙස බුද්ධ සාසන අමාත්‍යවරයා ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම තුළ යුක්ති සහගත පදනමක් තිබූ බැවින් අදාළ සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවත් ඔහු සඳහන් කළා.

පෙත්සමක් ඉදිරිපත් කළ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා මහතා ද කරුණු ඉදිරිපත් කළා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ පොදු සමාව ප්‍රදානය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන්නේ අනන්‍ය සුවිශේෂ බලයක් බවයි.

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරනය වෙත පැවරී තිබෙන බලතල සීමාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තුළින් මනාව නිර්ණය කර ඇතැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා නීතිය අර්ථකථනය කිරීමේදී එම සීමාවන්ට යටත්ව සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට සිදු වන බවත් සඳහන් කළා.

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර ලබා දුන්නා.

ඒ අනුව නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා දෙසැම්බර් මස 13 වනදා ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය ලබන වසරේ මැයි මස 6 වනදා සිදු කරන බවත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
16
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16