Thursday, January 9, 2025
Empty Ad
AFC Banner
AFC Banner

ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් අභියාචනයක්

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී මාස 09ක ලිහිල් සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිර දඬුවමට එරෙහිව අභියාචනයක් අද (09) ඉදිරිපත් කෙරුණා.

කොළඹ මහාධිකරණයට යොමුකර ඇති මෙම අභියාචනය අද දහවල් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරනු ලැබූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එම අභියාචනා පෙත්සම පදනම් කරගෙන ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා ඇප අයදුම් පත්‍රයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?