Update :ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් යොමු කළ ඇපෑල ප්‍රතික්ෂේප වෙයි

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය පරිදි මාස 09ක ලිහිල් සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිර දඬුවමට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනයක් අද (09) දහවල් ඉදිරිපත් කෙරුණා.

කොළඹ මහාධිකරණයට යොමු කෙරුණු එකී අභියාචනය අද පස්වරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකරනු ලැබුවා.

එම අභියාචනා පෙත්සම පදනම් කරගෙන ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා ඇප අයදුම් පත්‍රයක් ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

එය සලකා බැලු අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

ශ්‍රී ජයවර්ධන පුර රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත යුතු ඇති බවත් දඬුවම් කාලය වන මාස 09 මාස හයකින් පමණ ගෙවී යන බැවින් අභියාචනාවක් විභාගයට ගැනීමට කාලයක් නොමැති බවට සුවිශේෂී කරුණු ලෙස නීතිඥවරු ඉදිරිපත් කළ අතර එම කරුණු මත පදනම්ව ඇප දීමට නොහැකි බව අතිරේක මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.

එහිදී අතිරේක මහේස්ත්‍රාත් වරයා වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය නම් එය බන්ධනාගාර රෝහලෙන් ලබා ගත හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14