ජුනි මාසයේ ICC ක්‍රීඩකයාගේ නම් අතරට පැතුම්ගේ නමත්

ජුනි මාසයේ අයි.සී.සී ක්‍රීඩකයාට යෝජිත නාම අතරට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ නම නිර්දේශ වී තිබෙනවා.

ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙන්.

පැතුම් නිස්සංකට අමතරව ජුනි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය වෙනුවෙන් අප්‍රිකාවේ කගීසෝ රබාඩා සහ ඒඩ්න් මාක්රම්ද නිර්දේශ වී තිබෙනවා.

මාසයක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා මත පදනම්ව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම සම්මානය පිරිනමනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?