මහජන විරෝධතා සහ ආරක්ෂක හමුදා සමඟ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් පසුව, නේපාලය සමාජ මාධ්‍ය වේදිකා සඳහා පනවා තිබූ තහනම ඉවත් කර ගැනීමට තීරණය කර තිබෙනවා.
කැබිනට් ප්‍රකාශක සහ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය ප්‍රිතිවි සුබා ගුරුන්ග් අද (09) අලුයම පැවසුවේ රජය පසුගිය සතියේ පනවන ලද සමාජ මාධ්‍ය තහනම ආපසු හරවා ගත් බවයි.
වැරදි තොරතුරු, වංචා සහ වෛරී ප්‍රකාශ මැඩපැවැත්වීම සඳහා රජය විසින් දරන ලද උත්සාහයක් ලෙස, තහනම මගින් WhatsApp, Facebook, Instagram, LinkedIn සහ YouTube ඇතුළු මාධ්‍ය වෙබ් අඩවි 26ක් අවහිර කිරීමට නේපාල රජය කටයුතු කර තිබුණා.
තරුණ වැඩිහිටියන්ගේ සහ සිසුන්ගේ ප්‍රධාන සහභාගීත්වයෙන් මීට එරෙහිව නේපාලයේ කත්මණ්ඩු සහ ප්‍රධාන නගරවල විරෝධතා පැවැත්වනු ලැබුවා.
එහිදී කත්මණ්ඩුහි විරෝධතාකරුවන් 17 දෙනෙකු මිය ගිය අතර, ඉටහාරි නගරයේ දී තවත් විරෝධතාකරුවන් දෙදෙනෙකු මිය ගියා.
මෙම විරෝධතාවල දී නේපාලය පුරා 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර, පොලිස් නිලධාරීන් ඇතුළුව එම සංඛ්‍යාව 400ක් තරම් ඉහළ අගයක් ගන්නා බවයි නේපාල වාර්තාවල දැක්වෙන්නේ.





