ජීවිත 19ක් අහිමි වූ පසු නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ඉවතට

මහජන විරෝධතා සහ ආරක්ෂක හමුදා සමඟ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් පසුව, නේපාලය සමාජ මාධ්‍ය වේදිකා සඳහා පනවා තිබූ තහනම ඉවත් කර ගැනීමට තීරණය කර තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක සහ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය ප්‍රිතිවි සුබා ගුරුන්ග් අද (09) අලුයම පැවසුවේ රජය පසුගිය සතියේ පනවන ලද සමාජ මාධ්‍ය තහනම ආපසු හරවා ගත් බවයි.

වැරදි තොරතුරු, වංචා සහ වෛරී ප්‍රකාශ මැඩපැවැත්වීම සඳහා රජය විසින් දරන ලද උත්සාහයක් ලෙස, තහනම මගින් WhatsApp, Facebook, Instagram, LinkedIn සහ YouTube ඇතුළු මාධ්‍ය වෙබ් අඩවි 26ක් අවහිර කිරීමට නේපාල රජය කටයුතු කර තිබුණා.

තරුණ වැඩිහිටියන්ගේ සහ සිසුන්ගේ ප්‍රධාන සහභාගීත්වයෙන් මීට එරෙහිව නේපාලයේ කත්මණ්ඩු සහ ප්‍රධාන නගරවල විරෝධතා පැවැත්වනු ලැබුවා.

එහිදී කත්මණ්ඩුහි විරෝධතාකරුවන් 17 දෙනෙකු මිය ගිය අතර, ඉටහාරි නගරයේ දී තවත් විරෝධතාකරුවන් දෙදෙනෙකු මිය ගියා.

මෙම විරෝධතාවල දී නේපාලය පුරා 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර, පොලිස් නිලධාරීන් ඇතුළුව එම සංඛ්‍යාව 400ක් තරම් ඉහළ අගයක් ගන්නා බවයි නේපාල වාර්තාවල දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04