ජීප් රියක් ප්‍රපාතයකට පෙරලී එක් දරු මවක් මරුට (වීඩියෝ)

ගාල්ල – යක්කලමුල්ල, මලංදෙණිය ප්‍රදේශයේ ජීප් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත් ව තවත් කුඩා දරුවෙකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ (16) රාත්‍රියේ පැවති අවුරුදු සාදයක් සඳහා මෙම පිරිස යමින් සිටියදී අනතුරට මුහුණපා ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ 29 හැවිරිදි එක් දරු මවක්.

කඳු – වංගු සහිත මාර්ගයක ජීප් රිය ධාවනය කර ඇති බවත් හදිසියේම රථයේ රියදුරුගේ පාලනයෙන් එය ගිලිහී මීටර් 116කට ආසන්න අගයක ප්‍රපාතයකට පෙරලී ගොස් ඇති බවයි.

මරණකාරිය ගල්ලමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?