දෙසැම්බර් මස 17,18 දෙදින තුල පවත්වන ලද Junior National gymnastics championship 2023 තරගාවලිය ටොරින්ටන් හා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාර වල දී පැවැත්වූ අතර මේ සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අංශ රැසකින් සහාභාගී විය.
මෙහි සමස්ථ ශූරතාව දිනාගනු ලැබුවේ කොළඹ Friendship Gymnastics Club විසිනුයි. ඒ රන් පදක්කම් 7ක්,රිදී පදක්කම් 6ක් හා ලෝකඩ පදක්කම් 6 ක් සමග මුලු ලකුණු 62 ලබා ගනිමින්.ශ්‍රී ලාංකීය ජිම්නාස්ටික් ක්‍රීඩා වංශ කතාවේ නොබිඳුනු ජයග්‍රහණයන්ගෙන් හා විජයග්‍රහණයන්ගෙන් තම ආධිපත්‍ය පතුරවමින් ජිම්නාස්ටික් ක්‍රීඩාව බැබලු Friendship Gymnastics ක්‍රීඩා සමාජය වරක් පමණක් ගිලිහුණු තම ආධිපත්‍යය නැවත තම සතු කරගනිමින් ජීම්නාස්ටික් වංශ කතාව නව පරිච්ඡේදයන් සමඟ ආරම්භ කරන ලදී
එමෙන්ම වයස 12න් පහල ශූරතාවය දිනා ගනුලැබුවේ ඔමික රංගීත්ය.
වයස අවුරුදු 8න් පහල පදක්කම් ලෙස රන් පදක්කම් 14ක්,රිදී පදක්කමක්, හා ලෝකඩ පදක්කමක් දිනා ගත්තා.





