AFC Banner
AFC Banner
Empty Ad

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ල ඉදිරිපිට සුරූපී කතුන් දෙදෙනෙක් අඩ නිරුවත්වෙයි

අඩ නිරුවත් වූ යුක්‍රේන ක්‍රියාකාරී තරුණියන් දෙදෙනෙක් ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවයක නිරතව තිබෙනවා.

යුක්‍රේනයට ප්‍රහාර එල්ල කරන රුසියාවට හා එක්සත් ජාතීන්ට විරෝධය පළ කරමින් ඔවුන් දෙදෙනා මෙලෙස අඩ නිරුවතින් මෙම විරෝධතාවයේ නියැලී ඇති බවයි වාර්තා වුණේ.

එහිදී මෙම තරුණියන් දෙදෙනා එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ල ඉදිරිපිට ඇති “කැඩුණු පුටුව” ස්මාරකයට හානි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔවුන් දෙදෙනා විසින් අත් කියතක් සහ යාන්ත්‍රික කියතක් භාවිත කරමින් ස්මාරකය කපා දමා ඇති අතර, තවද තීන්ත වර්ග ස්ප්‍රේ කරමින් ඊට හානි සිදුකර තිබෙනවා.

මෙම ස්මාරකය බිම් බෝම්බ සහ පොකුරු බෝම්බවලට එරෙහි විරෝධය සංකේතවත් කරන ලෙස ඉදිකර ඇති අතර, රුසියානු හමුදාව යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම සඳහා පොකුරු බෝම්බ සහ පුද්ගල නාශක බිම්බෝම්බ භාවිත කරන බවයි විරෝධතාවයේ නිරත තරුණියන් දෙදෙනා පවසා ඇත්තේ.

මේ අතර ස්මාරකයට හානි කිරීම සම්බන්ධයෙන් අදාළ තරුණියන් දෙදෙනා ජිනීවා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?