Empty Ad
AFC Banner
Empty Ad

ජැෆ්නාවරුන්ට ලකුණු 107ක ඉලක්කයක් – දසුන්ගෙන් නායකත්ව ඉනිමක්

ලංකා T10 සුපර් ලීගයේ සමාරම්භක තරගය අද (11) පස්වරු 04ට ආරම්භ වුණා.

ඒ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නාවරුන් පළමුව පන්දු යැවීම තෝරාගත්තා.

ඒ අනුව නියමිත පන්දුවාර 10 තුළ දී බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව කඩුලු 08ක් දැවී ලකුණු 106ක්.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 17ක දී ලකුණු 51ක් ලබා ගත්තා.

ඔහුගේ ඉනිමට හයේ පහර 05ක් සහ හතරේ පහර 04ක් ඇතුළත්.

Mohammad Shahzad ලකුණු 22යි.

සුපිරි පන්දු යැවීමක නිරත වූ ට්‍රවීන් මැතිව් ලකුණු 10කට කඩුලු 04ක් බිඳ දැමුවා.

එක් කඩුල්ල බැගින් Dwaine Pretorius, මොහොමඩ් අමීර් සහ ප්‍රමෝද් මධුෂාන්ට හිමිවුණා.

ඒ අනුව ජැෆ්නාවරුන් පන්දුවාර 10ක් තුළ ජයග්‍රහණයට ලකුණු 107ක් ලබාගත යුතුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?