AFC Banner
AFC Banner
Empty Ad

ජැක්සන් ගැන පැතිර යන කතා සම්පූර්ණයෙන්ම අසත්‍යයි

ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී රිය අනතුරකට මුහුණ පා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ වනවිට ඔහු සුවය ලබමින් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරයන් මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

මෙම අසත්‍ය ප්‍රචාරයන්ට පිළිතුරු දෙමින් ඔහුගේ දියණිය මාධවී වත්සලා සිය ෆේස්බුක් ගිණුමට සටහක් එක්කරමින් පවසා තිබුණේ “පේජ් කට්ටිය, බොරු පෝස්ට් ශෙයා නොකර ඉන්න ප්ලීස්” යනුවෙන්.

රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනෙකු ගමන්ගත් කැබ් රථය අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී වන අලියෙකුගේ ගැටී පසුගිය 02 වනදා අනතුරකට ලක් වුණා.

එහිදී තුවාල ලැබූ ඔහු ඇතුළු පිරිස ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා ජැක්සන් ඇන්තනී පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

5 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?