“ජාතික සභාව”ට, පක්ෂ නායක රැස්වීමේදී එකඟතාව

“ජාතික සභාව” ට, පක්ෂ නායක රැස්වීමේදී එකඟතාව හිමිව තිබේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (07) පැවැත්විණි.

රට තුළ මතුව ඇති ආර්ථික හා සමාජ අර්බුදය සමනය කිරීම සඳහා, පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් ” ජාතික සභාව ” පිහිටුවීම පිළිබඳව තීරණය කිරීමටයි මෙය පැවැත්වුණේ.

පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන සියලු පක්ෂ නියෝජනය වන පරිදි, නිල බලයෙන් සාමාජිකයන් වන නියෝජිතයන්ද ඇතුළු “ජාතික සභාවේ” සම්පූර්ණ සාමාජික සංඛ්‍යාව 37ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?