AFC Banner
AFC Banner
Empty Ad

ජාතික සත්ත්වයාට වෙනත් සතෙක් සොයයි

ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා ලෙස දැනට නම්කර ඇති දඬුලේනා වෙනුවට වෙනත් සත්ත්වයෙක් ජාතික සත්වයා ලෙස නම් කිරීමට අවදානය යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හැකියාවක් පවතින්නේ ද යන්න පිළිබඳව සොයා බලන බවයි වනජීවී හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

ඒ, අනුව මෙරටට ආවේනික වූ වඳ වී යන සත්ත්වයෙක් ජාතික සත්ත්වයා ලෙස නම් කිරීමට සැලසුම් කරමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර දඬුලේනා විසින් වගා හානි බරපතළ ලෙස සිදුකරන බව ද ඇමතිවරයා පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?