ජාතික වනෝද්‍යාන සම්බන්ධයෙන් ජනපති නීති තදකරයි

මෙරට ජාතික වනෝද්‍යාන වෙත ලියාපදිංචි සෆාරි වාහන හැරුණු කොට වෙනත් කිසිඳු වාහනයකට ඇතුළු වීම තහනම් කිරීම ආදී පරිසර ආරක්ෂණ නීති ඇතුළත් නව පනතක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

එතෙක් ජාතික වනෝද්‍යානවලට ලියාපදිංචි සෆාරි වාහන හැරෙන්නට වෙනත් කිසිඳු වාහනයක් ඇතුල් නොකරන ලෙස ජනාධිපතිවරයා නියෝග නිකුත් කර ඇති බව සඳහන්.

ඊට අමතරව ශ්‍රී පාද අඩවි වනාන්තරය, සිංහරාජය ඇතුළු පාරිසරිකව වැදගත් වන ස්ථාන ආරක්ෂා කිරීමේ වෙනමම නීති කඩිනමින් ඊට ඇතුළත් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

පරිසර අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවත්වනු ලැබූ විශේෂ සාකච්ඡාවකදී ජනාධිපති වරයා මෙම උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න මොන තරම් හානියක් වෙන්න පුළුවන්ද..? බිමල් ඇමතිතුමා, ප්‍රසන්න ඇමතිතුමා මම දැන් මේක එවනවා..
02:42
Video thumbnail
ජනපති පාස්කුව ගැන හෙළිකරපු දේ..මට පාස්කු නඩුව කඩා වැටෙන්න දෙන්න තිබ්බා..කවුද යුක්තිය දෙන්නේ ?
09:35
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යවන්න ඇවිත් තේ වත්තකට දාමා ගිය යතුරුපැදිය ගොඩ ගත් හැටි මෙන්න
01:32
Video thumbnail
රුවන් මාපලගමගේ කළ ප්‍රබල හෙළිදරව්ව - 3500ට ගන්න තියෙන පොත් විශ්වවිද්‍යාලයට රු.12500..අරන්
02:35
Video thumbnail
පාතාල කෙරුමෙක් වූ බැකෝ සමන්ගේ මව අවසන් ගමන් යවන්න ආ යතුරුපැදිය ගොඩගත් මෙහෙයුම..
01:15
Video thumbnail
නීතිඥයින් ඉදිරියේ ජනපති කළ දැඩි ප්‍රකාශය - මම යන්න ලෑස්ති මිනිහෙක්..අවදානම ගන්න සූදානම් මම
03:49
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43