ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුවට විදෙස් ගමන් තහනමක්

ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙක් ලෙස 2017 – 2019 කාලයේ සේවය කළ තුසිත හල්ලොලුව යන අයගේ විදේශ ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (29) තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් 478307.03ක් වටිනා අයි ෆෝන් දුරකතනයක්, අයි පෑඩයක් හා චාජරයක් මෙන්ම ඇපල් මැක්බුක් පරිගණකයක් සහ එහි චාජරය සාපරාධි සාවද්‍ය පරිහරණය සිදු කරන විමර්ශනයකට අදාළ ව කොටුව පොලිසිය මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමකට අනුව යි.

කොටුව පොලිසිය විසින් මෝසම ගොනු කරමින් පසුගියදා සැකකරුට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසියක් නිකුත් කරන ලෙස සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මේ නියෝගය නිකුත් කළා.

සැකකාර තුසිත හල්ලොලුව යන අය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට ද මින් පෙර නියෝග කර තිබුණා.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි පාලනය විසින් 2024 ඔක්තෝම්බර් මස 21 වැනිදා කොටුව පොලිසියට කළ පැමිණීල්ලක් ප්‍රකාරව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

2019 නොවැම්බර් 19 දින සැකකරු සේවයෙන් ඉවත් යන අවස්ථාවේදී මේ භාණ්ඩ භාර දී නොමැති බවට පැමිණිල්ල ලැබී තිබුණා.

2024 නොවැම්බර් 01 වැනි දා සැකකරු කොටුව පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇති අතර ඉහත භාණ්ඩවලට අදාළ මුදල මනි ඔඩර් මගින් ජාතික ලොතරැයි මණ්ඩලය වෙත යොමු කළ ද එය භාර නොගෙන නැවත් ඔහු වෙත යොමු කර ඇති බව ද ප්‍රකාශ කළා.

ඒ අනුව වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් සැකකරුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් ඔහු සිදු කර ඇති බවට පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට දැනුම්දෙන ලෙස කොටුව පොලීසයට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එතෙක් නඩුව බහා තබන ලෙස නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?