ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුවට විදෙස් ගමන් තහනමක්

ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙක් ලෙස 2017 – 2019 කාලයේ සේවය කළ තුසිත හල්ලොලුව යන අයගේ විදේශ ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (29) තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් 478307.03ක් වටිනා අයි ෆෝන් දුරකතනයක්, අයි පෑඩයක් හා චාජරයක් මෙන්ම ඇපල් මැක්බුක් පරිගණකයක් සහ එහි චාජරය සාපරාධි සාවද්‍ය පරිහරණය සිදු කරන විමර්ශනයකට අදාළ ව කොටුව පොලිසිය මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමකට අනුව යි.

කොටුව පොලිසිය විසින් මෝසම ගොනු කරමින් පසුගියදා සැකකරුට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසියක් නිකුත් කරන ලෙස සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මේ නියෝගය නිකුත් කළා.

සැකකාර තුසිත හල්ලොලුව යන අය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට ද මින් පෙර නියෝග කර තිබුණා.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි පාලනය විසින් 2024 ඔක්තෝම්බර් මස 21 වැනිදා කොටුව පොලිසියට කළ පැමිණීල්ලක් ප්‍රකාරව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

2019 නොවැම්බර් 19 දින සැකකරු සේවයෙන් ඉවත් යන අවස්ථාවේදී මේ භාණ්ඩ භාර දී නොමැති බවට පැමිණිල්ල ලැබී තිබුණා.

2024 නොවැම්බර් 01 වැනි දා සැකකරු කොටුව පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇති අතර ඉහත භාණ්ඩවලට අදාළ මුදල මනි ඔඩර් මගින් ජාතික ලොතරැයි මණ්ඩලය වෙත යොමු කළ ද එය භාර නොගෙන නැවත් ඔහු වෙත යොමු කර ඇති බව ද ප්‍රකාශ කළා.

ඒ අනුව වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් සැකකරුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් ඔහු සිදු කර ඇති බවට පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට දැනුම්දෙන ලෙස කොටුව පොලීසයට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එතෙක් නඩුව බහා තබන ලෙස නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27