ජාතික තේ දිනය නිමිත්තෙන් නුවරඑළියේ වතු කම්කරුවෝ පාරට බසිති

ජාතික තේ දිනය නිමිත්තෙන් වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ඉල්ලා දැවැන්ත උද්ඝෝෂණයක් අද (21) නුවරඑළියේ දී පැවැත්වුණා.

අද දිනට යෙදෙන ජාතික තේ දිනය නිමිත්තෙන් නුවරඑළිය හා මධ්‍යම පළාත් වෘත්තීය සමිති සංගම් නියෝජිතයන් විසින් සංවිධානය කරනු ලැබූ වතුකර ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් වූ උද්ඝෝෂණයක් හා වැඩසටහනක් මෙලෙස පැවැත්වීමට කටයුතු කෙරුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම උද්ඝෝෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාව දහසකටත් අධික පිරිසක් සහභාගි වී සිටියා.

උද්ඝෝෂණයේ නියැලුණු වතු කම්කරුවන් හා කම්කරු වෘත්තීය සමිති නියෝජිතයන් කියා සිටියේ වසර දෙසීයක් මෙරටට පැමිණ නිසි අනන්‍යතාවක් හා ජීවත්වීමට නිවසක් නොමැතිව දුක් විඳින ජනතාවට වර්තමාන රජයෙන් හෝ සාධාරණයක් ඉටු කර දෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?