ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පනත් කෙටුම්පතට කතානායක සහතිකය

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පනත් කෙටුම්පත සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ (07) සිය සහතිකය සටහන් කළා.

මෙම පනත් කෙටුම්පත 2025.08.19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, 2025.09.23 දින සංශෝධන රහිතව පාර්ලිමේන්තුව විසින් සම්මත වුණා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නව පනතක් හරහා ස්ථාපනය කිරීම මෙම පනතේ පරමාර්ථය වනවා.

නායයෑම් සහ භූ තාක්ෂණික අස්ථාවරත්වයට ගොදුරු වන ප්‍රදේශවල පර්යේෂණ සහ සමීක්ෂණ පැවැත්වීම, ඒවායේ බලපෑම අවම කිරීම සහ තිරසාර සංවර්ධනය පෝෂණය කිරීම මෙ‍ම ආයතනයේ මූලික අරමුණු වනවා.

එමෙන්ම ආපදා-ප්‍රතිරෝධී ඉදිකිරීම් සහතික කිරීමේ සහ මෙම ක්ෂේත්‍රයෙහි තාක්ෂණික සහාය ලබාදීමේ බලතල මෙම ආයතනයට පැවරී තිබෙනවා.

අනුකූලතාව නිරීක්ෂණය කිරීම, පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සහ උපද්‍රව කලාප සිතියම් සකස් කිරීම ආයතනයේ කාර්යයන් වනවා.

ඒ අනුව, එහි පාලක මණ්ඩලයේ සංයුතිය සහ පරිපාලනය, අධ්‍යක්ෂ ජනරාල් වැනි ප්‍රධාන කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය සුදුසුකම් සහ ආයතනයේ කළමනාකරණය සහ විගණනය ඇතුළුව ආයතනයේ මූල්‍ය ප්‍රතිපාදන ද මේ පනතේ නිශ්චිතව දක්වා තිබෙනවා.

ඒ, අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පනත් කෙටුම්පත, 2025 අංක 20 දරණ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පනත ලෙස බලාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?