ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පනත් කෙටුම්පතට කතානායක සහතිකය

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පනත් කෙටුම්පත සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ (07) සිය සහතිකය සටහන් කළා.

මෙම පනත් කෙටුම්පත 2025.08.19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, 2025.09.23 දින සංශෝධන රහිතව පාර්ලිමේන්තුව විසින් සම්මත වුණා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නව පනතක් හරහා ස්ථාපනය කිරීම මෙම පනතේ පරමාර්ථය වනවා.

නායයෑම් සහ භූ තාක්ෂණික අස්ථාවරත්වයට ගොදුරු වන ප්‍රදේශවල පර්යේෂණ සහ සමීක්ෂණ පැවැත්වීම, ඒවායේ බලපෑම අවම කිරීම සහ තිරසාර සංවර්ධනය පෝෂණය කිරීම මෙ‍ම ආයතනයේ මූලික අරමුණු වනවා.

එමෙන්ම ආපදා-ප්‍රතිරෝධී ඉදිකිරීම් සහතික කිරීමේ සහ මෙම ක්ෂේත්‍රයෙහි තාක්ෂණික සහාය ලබාදීමේ බලතල මෙම ආයතනයට පැවරී තිබෙනවා.

අනුකූලතාව නිරීක්ෂණය කිරීම, පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සහ උපද්‍රව කලාප සිතියම් සකස් කිරීම ආයතනයේ කාර්යයන් වනවා.

ඒ අනුව, එහි පාලක මණ්ඩලයේ සංයුතිය සහ පරිපාලනය, අධ්‍යක්ෂ ජනරාල් වැනි ප්‍රධාන කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය සුදුසුකම් සහ ආයතනයේ කළමනාකරණය සහ විගණනය ඇතුළුව ආයතනයේ මූල්‍ය ප්‍රතිපාදන ද මේ පනතේ නිශ්චිතව දක්වා තිබෙනවා.

ඒ, අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පනත් කෙටුම්පත, 2025 අංක 20 දරණ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පනත ලෙස බලාත්මක වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23