AFC Banner
AFC Banner
Empty Ad

ජාතික ආරක්ෂාව ගැන ඉගෙන ගන්න මාලිමාවේ පිරිසක් මහින්ද හම්බෙන්න ගිහින් (වීඩියෝ)

රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ව ඉගෙන ගැනීමට දේශපාලනික ක්‍රියාකාරීන් පිරිසක් අද (19) දහවල් විජේරාම පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස වෙත පැමිණියා.

එලෙස පැමිණි පිරිස කෙටි වීදි නාට්‍යයක් රඟ දැක්වූ අතර, එහිදී වත්මන් රජයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ආදි අමාත්‍යවරුන්ගේ ඡායාරූප පැළැඳ මෙම නාට්‍යය රංගනය සිදු කළා.

ජාතික ආරක්ෂාව ඉගැන්වීමට සූදානම් බව මැතිවරණ කාලයේ දී පැවසූ වත්මන් රජයේ අමාත්‍යවරුන්ට හාස්‍යය දනවමින් මෙම නාට්‍යය ඉදිරිපත් කළ නව ජනතා පෙරමුණේ නායක දිනේෂ් අබේකෝන් මහතා පැවසුවේ වසර 33ක් තිස්සේ පැවති කුරිරු ත්‍රස්තවාදී යුද්ධයෙන් රට බේරාගෙන ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට කැප වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ජාතික ආරක්ෂාව තහවුරු කරන ආකාරය නමැති විෂය ඉගෙන ගැනීම නව රජයේ ඇමතිවරුන් සිදු කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?