ජාත්‍යන්තර වේදිකාවේ ගෝලීය දකුණේ හඬ තීව්‍ර කරනවා – අගමැති මෝදි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම්දීමේ උත්සවයට ඉන්දියාවේ අසල්වැසි රාජ්‍යයන්ගේ සහ
ඉන්දියානු සාගර කලාපයේ රටවල නායකයන් රැසක් එක් ව තිබෙනවා.

මෙම දිවුරුම්දීමේ උත්සවය ඊයේ (09) පැවැත්වුණේ ඉන්දියාවේ රාෂ්ට්‍රපති භවන් හි දී යි.

ඉන්දියාවේ අසල්වැසි රාජ්‍යයන් සහ ඉන්දියානු සාගර කලාපයේ රටවල නායකයන් ලෙස මෙම අවස්ථාවට මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු, සීෂෙල්ස් උප ජනාධිපති අහමඩ් අෆිෆ්, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා, මොරිෂස් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ප්‍රවින්ද් කුමාර් ජුග්නොත් සහ එම ආර්යාව, නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප
කමල් දහාල් ‘ප්‍රචණ්ඩා’ සහ භූතාන අග්‍රාමාත්‍ය ෂෙරින්ග් ටොග්බේ යන මහත්ම මහත්මීන් මීට එක් ව සිටියා.

දිවුරුම්දීමේ උත්සවයෙන් අනතුරුව,ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැමිණ සිටි නායකයන් රාෂ්ට්‍රපති භවන් හි දී හමුවුණා.

තුන්වැනි වරටත් ඉන්දීය ජනරජයේ අග්‍රාමාත්‍යවරයා වීම සම්බන්ධයෙන් පැමිණ සිටි රාජ්‍ය නායකයින් විසින් අගමැති මෝදි හට සිය සුබාශිංසන පිරිනමනු ලැබුවා.

දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීම වෙනුවෙන් ඔවුන්ට ස්තුති කළ අග්‍රාමාත්‍ය මෝදි ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ සහ ‘SAGAR’ යන දැක්ම වෙනුවෙන් ඉන්දියාවේ කැපවීම සහතික මෙහිදී සහතික කළා.

වසර 2047 වන විට වික්සිත් භාරත් (සංවර්ධිත ඉන්දියාවක්) යන ඉලක්කය හඹා යන අතරතුර පවා ඉන්දියාව කලාපයේ සාමය, ප්‍රගතිය සහ සෞභාග්‍යය වෙනුවෙන් අඛණ්ඩ ව කටයුතු කරන බවයි මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මෙම සන්දර්භය තුළ ජනතාව අතර වඩා ගැඹුරු බැඳීම් ඇති කළ යුතු බවත්, කලාපයේ සම්බන්ධතාව ඉහළ නැංවිය යුතු බවත් මෝදි අවධාරණය කළා.

ජාත්‍යන්තර වේදිකාව තුළ ඉන්දියාව තවදුරටත් ගෝලීය දකුණේ හඬ තීව්‍ර කිරීමට කටයුතු කරන බවයි හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?