ජාත්‍යන්තර වේදිකාවේ ගෝලීය දකුණේ හඬ තීව්‍ර කරනවා – අගමැති මෝදි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම්දීමේ උත්සවයට ඉන්දියාවේ අසල්වැසි රාජ්‍යයන්ගේ සහ
ඉන්දියානු සාගර කලාපයේ රටවල නායකයන් රැසක් එක් ව තිබෙනවා.

මෙම දිවුරුම්දීමේ උත්සවය ඊයේ (09) පැවැත්වුණේ ඉන්දියාවේ රාෂ්ට්‍රපති භවන් හි දී යි.

ඉන්දියාවේ අසල්වැසි රාජ්‍යයන් සහ ඉන්දියානු සාගර කලාපයේ රටවල නායකයන් ලෙස මෙම අවස්ථාවට මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු, සීෂෙල්ස් උප ජනාධිපති අහමඩ් අෆිෆ්, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා, මොරිෂස් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ප්‍රවින්ද් කුමාර් ජුග්නොත් සහ එම ආර්යාව, නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප
කමල් දහාල් ‘ප්‍රචණ්ඩා’ සහ භූතාන අග්‍රාමාත්‍ය ෂෙරින්ග් ටොග්බේ යන මහත්ම මහත්මීන් මීට එක් ව සිටියා.

දිවුරුම්දීමේ උත්සවයෙන් අනතුරුව,ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැමිණ සිටි නායකයන් රාෂ්ට්‍රපති භවන් හි දී හමුවුණා.

තුන්වැනි වරටත් ඉන්දීය ජනරජයේ අග්‍රාමාත්‍යවරයා වීම සම්බන්ධයෙන් පැමිණ සිටි රාජ්‍ය නායකයින් විසින් අගමැති මෝදි හට සිය සුබාශිංසන පිරිනමනු ලැබුවා.

දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීම වෙනුවෙන් ඔවුන්ට ස්තුති කළ අග්‍රාමාත්‍ය මෝදි ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ සහ ‘SAGAR’ යන දැක්ම වෙනුවෙන් ඉන්දියාවේ කැපවීම සහතික මෙහිදී සහතික කළා.

වසර 2047 වන විට වික්සිත් භාරත් (සංවර්ධිත ඉන්දියාවක්) යන ඉලක්කය හඹා යන අතරතුර පවා ඉන්දියාව කලාපයේ සාමය, ප්‍රගතිය සහ සෞභාග්‍යය වෙනුවෙන් අඛණ්ඩ ව කටයුතු කරන බවයි මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මෙම සන්දර්භය තුළ ජනතාව අතර වඩා ගැඹුරු බැඳීම් ඇති කළ යුතු බවත්, කලාපයේ සම්බන්ධතාව ඉහළ නැංවිය යුතු බවත් මෝදි අවධාරණය කළා.

ජාත්‍යන්තර වේදිකාව තුළ ඉන්දියාව තවදුරටත් ගෝලීය දකුණේ හඬ තීව්‍ර කිරීමට කටයුතු කරන බවයි හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?