ලෝක බැංකු සමූහයට අයත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට සහායවීම සහ ආර්ථික ස්ථායිකරණයේ සිට තිරසාර වර්ධනය දක්වා මෙරට ගමන් කිරීම වේගවත් කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 166ක මූල්‍ය පහසුකමක් අද (25) නිවේදනය කර තිබෙනවා.
කාන්තාවන් සතු ව්‍යාපාර සහ කෘෂි ව්‍යාපාර අංශය සවිබල ගැන්වීම කෙරෙහි මෙම ව්‍යාපෘතිය තුළින් වැඩි අවධානයක් යොමු කරනවා.
එමෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායිකාවන් සඳහා මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීම මෙහි අරමුණක්.
ශ්‍රී ලංකාවේ සියලුම ව්‍යාපාරවලින් 75%කට වඩා සහ රැකියාවලින් 45%ක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නියෝජනය කරන අතර, ණය සඳහා වන ප්‍රවේශය ඔවුන්ගේ ව්‍යාප්තියට සැලකිය යුතු බාධකයක් ලෙස පවතින බවයි ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව පෙන්වා දෙන්නේ.













